මකුළු අම්මා

ඇඳේ ඉඳන් උඩ බැලුවාම
හැමදාම පෙනුනෙ ඌ වියපු දැල
කොච්චර අයින් කලත්
ආයෙත් වියන්නේ හිතේ හයියට
කොස්ස අරන් එනකොටම
හරි පරිස්සමෙන් හැමදාම හැංගුනාට
අද උදේ අවසන් ගමන
.
.
.
හවස ඇවිත් උඩ බලද්දි
දැක්ක දෙයින් පපුවෙ තෙමුනෙ
ලොකුම ලොකු බිත්තරයක්
පරාලෙක කොනක ඉදන්
කිසි දෙයක දන්නැතුව
හැංගිලා පරිස්සමට
.
.
.
නෑ නෑ හංගලා පරිස්සමට

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය