Posts

Showing posts from 2017

මැටි බිත්ති

Image
ඒ එක්දාස් නමසිය හැට එකේ අප්‍රේල් මාසේ තුන් වෙනිදා.මම හිටියේ ඉස්සරහ පිල ළඟ තිබ්බ හාන්සි පුටුවට මෙහා පැත්තේ පොඩි වේවැල් පුටුවක ඉඳගෙන.උදේ නමයට විතර පටන් ගත්ත වැස්ස දැන් හතර උනත් තාම තියෙනවා.අඩු වෙනවා වැඩි වෙනවා.ඒත් නැත්තටම නැති උනේ නෑ පටන් ගත්ත වෙලේ ඉඳන් පොඩ්ඩකටවත්.මම ගේ ඇතුලට ගියේ බීඩි ටික ඔතන්ඩ බඩු ටික ගේන්න.එහෙන් මෙහෙන් ඇඳුම් මහලයි, වත්ත පල්ලෙහා හිටෝපූ මඤ්ඤොක්ක, පළා වගේ ඒවා විකුණලයි හම්බ වෙන සල්ලි ටික අතේ ගෑවෙන්ඩත් මදි හින්දා තමා මායි සුමනයි දෙන්නම බීඩි ඔතන රස්සාව පටන් ගත්තේ ගිය මාසේ ඉඳන්.ඒකෙනුත් මහලොකු සල්ලියක් හම්බෙන්නෑ තමා.ඒත් යන්තන් පිරිමහ ගැත්තෑකි. මන් ආයේ ආවේ දුම්කොළ ටින් එකයි තව පෙට්ටියකුයි අතේ තියාගෙන.දෙකම තිබ්බේ හෙප්පුව තියන උස බංකුව උඩින්. වැඩ ටික පටන් ගන්න කලින් පිල කෙලවරටම වෙලා මිදුලේ පිරිලා තියෙන වතුර ටික බලන්න හිතුනා මට. සාගරයක් වගේ. ඒත් බොරම බොර පාටයි. සෑහෙන කාලෙකට පස්සෙ වැස්ස හින්දා වෙන්න ඇති ඒ තරම්ම බොර. මිදුලෙ මැද්දෙ එකතු වෙන වතුර අයිනකින් පහලට බැහැලා යනවා වෙල දිහාවට. ඒ තරම් දුර පෙනුනෙ නැතත් තණකොල ගොල්ලෙන් හැංගිලා යන වතුර ටික යන්නෙ ඒ දිහාටම තමා කියලයි මට හිතුනෙ.

සෙරෙප්පු

Image
මම ඒ වෙලාවේ හිටියේ බැල්කනියෙ. උදේ ඉඳන්ම එක සීරුවට තිබ්බ වැස්ස යන්තන් පෑව්වත් පොඩි වැහි බිංදු වැටෙනවා තාමත්. මම බිත්තියට හේත්තු වෙලාම බලාගෙන හිටියා ගෙටත් එහා වත්තටත් එහා තිබ්බ පාර දිහා. බොර පාට වෙච්ච වතුර ගලාගෙන යනවා උඩ ඉඳන් පහළට. ලොකු පාරක් නොවුනත් වාහන එක දෙක යනවා සැරින් සැරේට. පාරේ ඈතින්ම පේනවා අම්මා කෙනෙක් අවුරුදු දහයක විතර ළමයෙක් එක්ක ඉස්කෝලේ ගිහින් එනවා. දෙන්නම එක කුඩේ යට ආවත් ළමයා දුවනවා පාර දෙපැත්තෙන් යන මඩ වතුර පාගන්න. අම්මා කෑගහනවා ඇහුනේ නැතත් අත දික් කරලා සැර කරන හැටි පේනවා හොඳට. ඒ ළමයත් කිසිම ගානක් නැතුව මඩේ දඟලන හැටි කියලා ඒ ගැනත් පොඩි තරහක් හිතේ ඇති කරන් මාත් ආවා බැල්කනියෙ කෙලවරට. ඇවිත් හරහට තියෙන යකඩ පොල්ලක අත් දෙක තියලා උඩ බැලුවෙ වතුර බිංදු තාමත් අහසෙන් වැටෙනවා කියලා දැන දැනම. මුළු අහසම වලාකුළු වලින් වැහිලා. තත්පරයකට අහුරක් ගානේ උඩ ඉඳන් වැටෙනවා වැහි බිංදු. මට වැඩි වෙලාවක් උඩ බලන් ඉන්න බැරි උනේ ඇස් වලට වතුර ගිය හින්දා. මම ආවා දොරත් වහගෙනම කාමරේට. මූණ පිහදාගත්ත මන් කකුල් දෙකත් පාපිස්සෙ පටලගෙන පිහදගත්තා. ඇඳ උඩට ඇවිත් ටික වෙලාවක් යන්නත් කලින් වැස්ස ආයෙමත් වැඩි කරන්න ගත්

කැරපොත්තෝ

Image
මම ඇහැරුනේ අත දිගේ ඇබිත්තන් ඇඹලයි පැටියෙක් ගිය හින්දා.බෝරිච්චි අතේ වාටියෙන් අතට බැහැලා ඌ අත දිගේ පහලට යනවා.ඊට පස්සේ වැලමිට ළඟින් අතින් බැහැලා දුව දුව ගියේ මැසිම කෙළවරෙම කලින් තේ බොනකොට ගත්ත හකුරු කෑල්ල තිබ්බ දිහාවට.හකුරු කෑල්ල තිබ්බ තැන දැන් තියෙන්නේ හරිම පොඩි පැණි බිංදු තුන හතරක් විතරයි.ඒ වටේට ඇඹලයි ඉන්නවා හත් අට දෙනෙක්ම.අතින් බැහැලා ගිය එකත් ගිහින් එකතු උනා උනුත් එක්ක.මම තාමත් අත් මැසිම ළඟ අතක් දික් කරගෙන ඒ අත උඩින් ඔළුවත් තියාගෙන මේවා දිහා බලන් ඉන්නවා.නැගිටලා තේ කෝප්පෙත් අස් කරලා ඉතුරු වැඩ කරන්න තිබ්බත් හිතට තිබ්බේ නෑ කිසිම ආසාවක්.වෙලාව තාම එකොළහටවත් නෑ මන් හිතේ.විනාඩි පහක් එහෙම්මම හිටපු මන් කෝප්පෙත් අරන් ගියා කුස්සියට. අම්මා පොල් ගානවා හිරමනේ ඉඳගෙන.මට පුදුම ඇයි පොල් ගාන සද්දේ කාමරේට ඇහුන් නැත්තේ කියලා."අම්මගේ චීත්තේ මහ මහ ඉඳලා එහෙම්ම නින්ද ගිහින්.ඇයි කතා නොකලේ.තාත්තා එනවත් නැතෑ දැන්." මන් කලෙන් වතුර ටිකක් කෝප්පෙට නමාගෙන කෝප්පෙ හෝඳන් මිදුලට වතුර ටික විසි කරන ගමන් අම්මට කිව්වා." එනවනම් එද්දෙන් ඉතින්, ආයේ ඉතින් මටත් කරන්න පුළුවන් ඉක්මනට තමා මාත් කරන්නේ...උඹලව කුස්සියට

පුත්‍ර ප්‍රේමය වනාහි

ජනවාරි මාසේ ඉවර වෙලා පෙබරවාරි පටන් ගත්ත ගමන්.මාස දෙකක විතර පෑවිල්ල තාමත් හොඳට තියෙනවා.මහ රූස්ස ගස් හැරෙන්න අනිත් ඔක්කොම ගස් මැලවිලා, හේබාලා ගිහින්.එක එක ජාතියෙ කොළ වැටිලා මිදුල පුරාවටයි පාර දිගටයි.සැරින් සැරේට වෙල දිහායින් එන හුළඟට ඒ වේලිච්ච කොළ ගසන් ගිහින් අඩියක් දෙකක් එහායින් ආයෙම වැටෙනවා.ඒ වැලිත් එක්ක වැදුනාම එන සර සර සද්දෙකුත් එක්කම.වෙලාව දොළහත් පහු වෙලා එකට ලං වෙන්න ඇති මට මතක විදිහට.මම කුස්සියෙ වැඩ ටිකත් ඉවර වෙලා ආවා ඉස්තෝප්පු කෑල්ලට.කුරුළු සද්ද මැකිලා ගිහින්.සමහර විට මේ අව් කාෂ්ටේ හින්දා වෙන්න ඇති.ඒත් ලේන්නු දෙන්නෙක් තරඟෙට කෑ ගහනවා පාර පැත්තේ තියෙන ලොකු වරකා ගහේ ඉඳන්.මන් උන් දිහාත් බලාගෙන පිළ උඩින් ඉඳගත්තේ බුලත් හෙප්පුවයි වංගෙඩියයි අහකට කරලා ටීපෝ එකෙන් තිව්වායින් පස්සෙ. පිළේ ඉඳගෙන බිත්තියට හේත්තු උනේ පුරුද්දට වගේ.තාත්තා එහෙම දැක්කොත්නම් අහගන්න පුළුවන් හොඳම ඒවායින්.එයා කියන විදිහට ගෑණු ළමයි ඉන්න ඕනේ ගැණූ ළමයි විදිහට හැංගිලා මුල්ලකට වෙලා.එහෙම හිටපු කාලයක් තිබුන බව ඇත්ත.ඒත් දැන් තියෙන්නේ ඒ කාලේ නෙමේ කියලා හිතුන වාර බොහොමයි.චීත්තෙත් හරි ගස්ස ගත්ත මන් කකුල් දෙකත් පිළ උඩ තියන් අත දි

බොර වෙච්චි මහවැලිය

Image
හිල් වෙච්ච ටකරමෙන් හරියටම ඉර පේන වෙලාවක දවල් කෑමට ආපු ගමනේ කිරි දෙන්න නැවැතුනේ සතියකට කලියෙන් මරුවත් එක්ක බාගෙට මැරිලා එළිය බලපු ලේ කැටියට.. යන්නට හිටියත් පැය භාගෙන් කොහොමද යන්නේ මන් හුස්ම ගන්නකොට නිල් පාටට නහර පේන කටුයි හමයි විතරක් තියෙන ලේ කැටියව මෙහෙම දාලා.. උදේ කාපු රොටි කෑල්ල කිරි වෙලා යනවා කිරි කැටියගෙ පොඩි බඩට බලන් ඉන්න අතරෙදි ඕවා ඩොක ඩොක ගාගෙන වැටෙනවා වතුර බිංදු ටකරමේ හිල් වලින් වැටෙනවා වතුර බිංදු පොඩ්ඩව වහ ගද්දි නැගිටිලා යන්නවත් තැනක් නැති වෙද්දි "අම්මේ අයින් වෙයන් පොඩ්ඩක් මේකව තියලා ගන්ඩ රෙදි ටික" ඇඳට ඔත්පල වෙච්චි අම්මව අතකින් ඇඳලා "ඉඳපන් පුතේ ආච්චි එක්ක" කියලා පැන ගත්තේ එළියට මිනිහෙක් නැති උනත් මට ළමයට ඉන්නවා සුපරින්ටන්ට් තාත්තෙක් ඕවා හිතන්නෙ මොකටද දැන් අරන් රෙදි ටික දැම්මා ඇතුළට වැස්ස හරි ලොකු උනත් මටත් හිතුනේ වැස්සේ තෙමෙන්ඩ උන්ට ලොකු ගෑනියෙක් උනත් හිතින් මන් පොඩි කෙල්ලෙක් තවත්... වැහි බිංදු මගේ ඇඟට වැටෙනකොට රිදුනට සනීපයි වැස්ස වැඩි වෙද්දි ඔහොම්මම තමා ජීවිතෙත් ප්‍රශ්න වලට හුරු උනාම පැණි රහයි දුක උනත්... මාස

කේක්

Image
ඒ දෙදාස් දාහතේ මැයි මාසේ විසිඅට වෙනිදා, දුවගේ අවුරුද්දේ උපන් දිනේ.ඉරිදා දවසක් උනත් ගෙදර ඉන්න උනේ උදේ ටික විතරයි.ඊට පස්සේ ආයෙමත් පාරේ.මිනිස්සු හතර වටේ ඇවිදිනවා, පොරකනවා, කෑ ගහනවා, ඒ අතරේ තව කවුරු හරි රණ්ඩු වෙනවා.ඕවා බල බල ටවුමේ එහෙට මෙහෙට යන මට එකම මිනිහා තුන් හතර පාර හම්බවෙනවා.සතියටම නිවාඩුවකට කියලා තියෙන්නේ ඉරිදා උනත් එදාටත් නිදහසක් නැති හැටි කියලා ඒ හැම වෙලේම හිතුනත්, මන් හැර මේවා වෙන කවුරු කරන්නද කියලා හිතුනාම අර පරණ සිතුවිලි ඔහේ මැකිලා යනවා මට හොරෙන්ම.කොහොම හරි උදේ දහයට ගෙදරින් ආපු ගමන තුන වෙද්දි ඔක්කොම වැඩ ඉවර කරගන්න පුළුවන් උනා.දාඩිය පෙරාගෙන, කමිසේ ඇඟට අලෝගෙන, දූවිලි කාගෙන ඉන්නකොට මට හිතෙන්නේ මේ මම නෙමේ වෙන මනුස්සයෙක් කියලා.ඔහොම වැඩ ඉවර කරගන්න වෙලේ තමා මතක් උනේ දුවගේ බර්ත්ඩේ කේක් එක ගේන කියලා උදේ ගෙදරින් එනකොටම නයෝමි කිව්වා කියලා.හරි තැන ආයේ ගෙදරට කෝල් කරලා අහගෙන කඩේ වහන්න ඔන්න මෙන්න තියලා කේක් එක ගන්න පුළුවන් උනා.ඔක්කොම කාර් එකට දාගත්ත මන් තව පොඩ්ඩක් ට්‍රැෆික් එකටත් අහුවෙලා මැරෙන්න ඔන්න මෙන්න තියන් ආවා ගෙදර. දුව ඇවිදින්න පටන් අරන් සති දෙකක් විතර ඇති.ඒත් තාම වැටෙනවා.ගේට්ටුව අරි

නුඹට හැකිනම් දමා යන්නට ඇයි මෙමට බැරි අත් හරින්නට

මතකද හරියටම අවුරුද්දකට කලින් අද වගේම දවසක පිරුනු නැති හඳ නුවර වැව උඩ තියෙනකොට අපි වැ ව් බැ ම් ම උඩ අත් අල්ලගෙන ගිය හැටි මාළිඟාවට ඇවිද යනකොට දැනුනෙ මට යුද්දෙ අවසන් කරපු රජ ලෙස සීතා ගෙන ආ රාවණා ලෙස ඇවිත් මුල්ලක් හොයන් ඉඳගෙන කණට මිමිණුව හීනී මී පොද තවත් රැව් දෙයි සවන් තුල මගේ වැ ව් බැ ම් ම උඩ ඉන්න මා හට කස ගසද්දී බය වෙච්ච විට මට තුරුල් උන පුංචි සඳ නුඹ සඳ තියෙයි අද අහසෙ වැව උඩ එදා වාගෙම එළිය දීගෙන මට එළිය දුන් පුංචි සඳ නුඹ අදත් ඇත නුඹ එළිය දීගෙන මටම නොවුනත් කාට හරි වෙන ඇවිත් යනවානම් අදත් නුඹ ළඟ නැතත් මට බලන්නට හරි මගෙ කඳුළු නුඹ දකීවී හැංගිලා ඉන්නම් කොහේ හරි හද මගේ හඬ නගාවී නුඹට ඒ හඩ ඇසේවී බෙර හඬන විට මම හඬන්නම් එවිට ඒ හඬ මැකේවී හරිම පාළුයි පෙරහැරම අද ඇයි කියලා මට නොතේරෙයි ඇත්තු හිටියද නොදනිමී මම ඉන්න ඇති යැයි සිතුවෙමී මම ඔබේ සුවඳම පැතූ මාහට කොප්පරා දුම් ඉතුරු උනි අද හඬන්නට මට කඳුළු නැත සිතන්නට මට ඉඩක් නැත ඔබේ මතකය පිරුනු සිත මගේ දැවි දැවී අද නිවි නිවී යයි නුඹට හැකිනම් දමා යන්නට ඇයි මෙමට බැරි අත් හරින්නට වළාකුළු බැම්මට

ඉස්පිරිතාලෙදි

සිවිලිම දිහා බලන් ඉන්නවා හැර වෙන කුමක් කරන්නද මම දහක් මිනිසුන් එතේ ඇඳන් වටා රොක් වෙතේ මම පමනක් ජනේලයෙන් ඈත අහසේ වලාකුළක රටා මවනවා හිතෙන් "ඉක්මනට යනවනම් මේ පැය" "කරකවන්න පුළුවන් කටු ටික" හිත හිතා හිත හිතා ඉන්නකොට මම වෙලා පැය දෙකක් ගිහින් දැන් නිදිමතත් වැඩි වෙලා බඩගිනිත් වැඩි වෙලා ඇස් පියෙන වෙලාවේ "ආවේ නැද්ද කවුරුත්" "ආ මේ ඇපල් ගෙඩිය" ඇඳ එහා මනුස්සයා උස් හඬින් දොඩවයි "බඩගින්නක් නෑ තාම" "එයි දැන් කවුරුහරි" නොඑන බව දැන දැනම ලැජ්ජාව වැඩි හින්දා බොරු කියන්නට වුනා නැගිටින්න පණ නැතත් බඩගින්න වැඩි නිසා ඇඟ පතත් උස්සගෙන අද්දමින් කකුල් දෙක පැත්තකට ඇවිද ගොස් ටැප් එකට කට තියා බඩ පුරා වතුර බී බඩ පුරෝගෙන ආවා "දැන් නෑනේ බඩගිනි" "බඩ පිරිලා හොඳටෝම" ඇඳට විත් ආයෙමත් හැඩගැහිලා ඉන්නවා ඊළඟ පැයේදි හොයන්නට අහසේ දැකපු නැති රටාවන්..

මහ වැහි

වෙසක් මාසේ කියන්නේ හැම අවුරුද්දෙම ලොකුම වැහි වහින මාසේ.අප්‍රේල් බක් මහ අකුණුත් එක්ක එන වැස්සට පස්සේ එන මෝසම් සුළං එක්කම වැස්ස වහිනවා වැස්ස එපා වෙනකන්ම.යල මහ දෙකම වපුරපු කාලේනම් ඕ වැසි කාලේ වෙනකොට මුළු වෙල් යායම පොඩි පොඩි ගොයම් පැළ වලින් වැහිලමයි තියෙන්නේ.අඩි බාගයක් විතර උස ගොයම් පැළ උඩින් හුළං හමන් යනකොට මුළු වෙල් යායෙම, සිලි සිලි ගාලා සද්දයකුත් දාගෙනම රටාවක් මවන් ගොයම් පැළ ටික හෙල්ලිලා යනවා.වැස්ස හිමිහිට තිබ්බොත් යන්තන් ගස් මුල වැහෙන තරමට වතුර.පොඩ්ඩක් වැඩියෙන් වැස්සොත් උඩට පේන තරමට වතුර.හයියෙන්ම වැස්සොත් ගොයම් පැල පොව්වන තරමට වතුර.ඒ කාලෙට වතුර බහින්නේ වක්කඩෙන් විතරක් නෙමේ.නියර උඩිනුත් වතුර දානවා.අතරින් පතර පුරණ් උන කුඹුරක් එහෙම තිබුනොත් මුළු කුඹුරම වතුරෙන් යට වෙනවා.සුන්දරයි කියලා හිතුවට එක දිගට දවස් දෙක තුනක් වැස්ස අල්ලලා හිටියොත් ඇළෙන් එන වතුර පාරට වැලි හෑරෙන හින්දා කුඹුරෙන් බාගයක්ම වැල්ලෙන් යටවෙනවා.වක්කඩවල් ළඟත් එහෙම්මමයි.මොනා උනත් ඕ වහින වැස්ස තමා ආයේ මාස කීපයකට පොළවට අල්ලලා තියෙන්නේ. අප්‍රේල් අවුරුදු වෙනකන් හොඳ වැස්සක් වැටුනේ නැත්තන් ඒ කන්නෙට කුඹුරු වපුරන්න බැරි වෙනවා.එතකොට අතරින

රතු තීන්ත

Image
ඒ නොවැම්බර් මැද හරිය.තාම දෙසැම්බරේට එන නත්තල් හුළං එන්නේ නෑ.ඒත් වේලිච්ච හුළඟක් කොයි වෙලෙත් එහෙට මෙහෙට සක්මන් කරනවා.අවාරෙට හැදුන කොට්ටම්බා ගෙඩි හොයන්න වත්ත උඩහට ගිය මට මගේම අඩියට පෑගෙන කොට්ටං කොළ වල සද්දෙ හුළං සද්දේ මකාගෙන ඇහෙනවා.කොට්ටං ගෙඩි වැටුනට කොළ ගොඩක් හින්දා කකුලෙන් පාද ගත්තොත් මිසක් ඇහැට පේන්නේ නෑ එකක්වත්.ගෙඩි දහයක් විතර හොයා ගත්තායින් පස්සේ මටම ඇති වෙලා ගෙවල් පැත්තට යන්න පටන් ගත්තා.ගේ පැත්තෙන් එන්නෙ හරි පාළු පුසුබක්.ඔය පුස්බ දැන් සෑහෙන කාලෙක ඉඳන් මගේ නාහෙට හරි පුරුදුයි.ඇස් දෙක වහන් උනත් ගේ දොර්කඩටම ගියෑකි සුවඳ දිගේ.අහුල ගත්ත කොට්ටන් ටික මිදුලේ කෙරෝලේ තිබ්බ හීනී තල් ගහ මුලට දාලා ගේ ඇතුලට යන්න හදනකොට ටක් ටක් ගගා තත්ත්පර මැන්න ඔරලෝසුව ඩාන් ඩාන් ගාලා හවස පහට පස් වතාවක් සද්ද කලා. "තව පොඩ්ඩ වෙලාවයිනෙ" මන් මටම කියාගෙන මල් පූජා කරන්න මල් කඩන්න වට්ටියත් අරන් ආවා එළියට. එළියට ආවාම ගෙදරට එන පාර ලොකු පාරට එකතු වෙන තැන හොඳට පේනවා.ඉතින් එතකොටයි දැක්කේ අක්කා බෑග් එකත් අරන් වැනි වැනි වගේ එනවා.මල් වට්ටිය ගේ ඇතුලේ පුටුවකින් තියලා අක්කා ආපු දිහාට දුවන් ගියා. "ඇයි අද

අත්තම්මා

Image
සිනිඳු වැහි පොද පොළොව සිපගෙන දුම් වළ රැලි අහස් කුස වෙත යනෙන වේලෙක දහවලට පෙර මුණ ගැසුනි ඇය අහම්බක් ලෙස කළුම කලු වුනු වත කමල දෙස ඇසි පියන් නොහෙලා බැලූ මට ඇගෙ දෙනෙත් වල තිබු ඒ තතු කවි කරන්නට සිතුනි හනිකට රතුම රතු කට කොනක් දල්වා දත් නොමැති හකු තදට අල්වා විට පිරුණු දිව කොනට කරවා හිනා වුනි ඈ ඇසුත් හොල්වා රෙද්දෙ හැට්ටෙට ගැලපෙනා ලෙස ලොකු පබළු ඇට මාලයක් ගෙල සරසවා ගෙන වළලූ අත්වල මිණි හඬක් දෙයි කනම පිනවන එකක් දහයයි තුනක් විස්සයි මිටිය පනහයි ගොඩ හතලිහයි වරෙන් නංගියේ වරෙන් මල්ලියේ පුතේ බලහන් ඇවිත් බලහන් කඩ පෙළක් ඇත හැමදේම ඇති උයන කඩ සහ ඇඳුම් සිල්ලර මැදක වූ පොඩි ඉඩක අස්සේ ඇගේ මහමෙර තබා ඇත්තේ ලෑලී හතරක් පහක් ඇති එහි පෝර උර සහ ඉටි රෙදිද ඇත විකුණනා එළවලු පහ හයක් එහි තබා ඇත ඇගේ බංකුවම ළඟ හිරුට නොපෙනේ වැහිද නොම වේ සෙනඟ පැමිණේ ඇය සිනහා වේ මුළු දවස ඇගේ එහෙම ගත වේ අතට කීයක් හරිත් පැමිණේ හවස යන විට නැවත ඇය ඇත තනිවමත් නොව තව කෙනෙකු ඇත අතේ එල්ලී පුංචි පැටියෙක් දඟ කරයි ඈ යනෙන හැම තැන පසුව විපරම් කලෙන් මාහට ඇසුනේ දුක්බර කතාවක් මට ඇගේ දියණිය ඇයත් තනි කොට පුතුත් ත

මල්

Image
ඉස්සර, ඒ කියන්නේ මීට අවුරුදු පහලොවකට විස්සකට විතර කලින් තමයි මුලින්ම දහම් පාසල් යන්ඩ පටන් ගත්තේ.මුල්ම දවසේ ගියේ අක්කා එක්ක.මට මතක විදිහට එදා සෑහෙනඩ ඇඬුවා මම.පන්සිල් ගනිද්දි මම අක්කා ළඟට දුවගෙන ගියා.ගෑණු ළමයි ඉන්න පැත්තේ ඉඳන් තමා එදා පන්සිල් ගත්තේ.ඔහොම ගිහින් ටික දවසකින් පුරුදු උනා තනියම උනත් යන්ඩ. ඉස්සර මුල්ම කාලේ ගියේ ඉස්කෝලෙට අඳින ඇඳුම ඇඳගෙන.ඔක්කොම ළමයි ගියේ එහෙම.ඒ වෙන ඇඳුමක් ගන්ඩ ඕනේකමක් තිබ්බේ නැති හින්දා වගේම ලොකු වත්කමක් තිබ්බේ නැති හින්දත්.සමහර දවස් වල සෙරෙප්පු නැතුව පවා ගියා.මන් විතරක් නෙමේ ගොඩක් අය ආවා ඒ විදිහට.අවුරුදු කීපයක් ගියායින් පස්සේනම් දහම් පාසලෙන්ම කිව්වා සරමයි කමිසෙයි ඇඳගෙන සෙරෙප්පු දාලා එන්ඩ කියලා. මන් කියන්ඩ හදන්නේ ඒ ගැන නෙමේ.මාතෘකාව තමා මල්.දහම් පාසල් ගෙනියපු මල්.ඒ මල් වටා ඇති උන කතා තියෙනවා ඕනේ තරම්.ඒවා මල් තරම්ම සුන්දරයි.සමහර විට ඊටත් වැඩිය සුන්දරයි. මුලින්ම මල් අරන් ගියේ අක්කා කඩලා දුන්න මල්.අක්කා කඩන්නේ රෝස, අරලිය, වතුසුදු වගේ මල්.ඒවා රටාවකට හදලා අතටම දෙනවා අරන් යන්ඩ කියලා.ඉතින් දහම් පාසලේදී මල් අත ගස්සනකොට අක්කා පිටිපස්සෙන් යනවා මල් ටිකත් අරන්.පොඩි කාලේ ති