අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා
අම්මා නැති උනා කියලා බඩගින්නක් දැනුනෙනම් නෑ කවදාවත්.ඒත් හිතේ ගින්නක්නම් සැරින් සැරේ දැනුනා වගේම තාමත් දැනෙනවා.අම්මා නැති උනාම ළමයි තනි වෙනවා වගේම ස්වාධීන වෙන්නත් ඒ ළමයි උත්සාහ කරනවා කියලා දැනිලා ගොඩක් කල්.නමුත් එහෙම තනි තීරණ ගන්න එක්ක කොච්චර අනුවණ ක්‍රියාවක්ද කියලා දැනෙන්නේ මොකක් හරි අකරතැබ්බයක් උනායින් පස්සේ තමා. මේවා මතක් වෙනකොට මට මතක් වෙනවා මීට අවුරුදු 12 කට විතර කලින් සිද්ද උන පොඩි සිද්ධියක්. එතකොට අපේ අම්මත් ඉන්නවා.තාත්තානම් නෑ.ඒ වෙනකොට ගෙදර ගෘහ මූලීකයා අම්මා උනත් ලොකු අක්කා තමා ගෙදර වෙන දේවල් ඔක්කොම හොයලා බැලුවේ.දන්න කාලේ ඉදන්, පුලුවන් කාලේ ඉදන් අක්කා ගෙදර බර කරට ගත්තා.අපේ පෑනේ පැන්සලේ ඉඳන් අම්මගේ බේත් පෙත්ත දක්වාම බරපැන දැරුවේ අක්කා.ඉතින් අක්කට අයිතියක් තිබුනා අපි ගන්න තීන්දු තීරණ වලට එරෙහි වෙන්ඩත් ඒවා වෙනස් කරන්ඩත්.ඒ හින්දම ගෙදර අපි ඔක්කොම බයයි ලොකු අක්කට ඒ කාලේ ඉදන්ම. ඉතින් සිද්ද උන සිද්ධිය විස්තර කලොත් ඒක අපේ එක අයියෙක් සම්බන්ධ දෙයක්.අයියා එයාට අවුරුදු හතේදි විතර කෙහෙල් ගහකට යට වෙලා කකුල කැඩුනා.අම්මා බොහොම මහන්සියක් දරලා තමා ගොඩ ගත්තේ.දැන් කකුලේ කිසිම වෙනසක් නෑ.කැඩුනා කියලා...